ඉන්දියාවේ උතුරු හා මධ්‍යම ප්‍රදේශවල අධික උණුසුම් කාලගුණයක්
ඉන්දියාවේ උතුරු හා මධ්‍යම ප්‍රදේශවල මේ දිනවල ඉතාමත් අධික උණුසුම් කාලගුණයක් පවති. එරට කාලගුණ අංශ පවසන්නේ ඉන්දියාව කාලගුණ දත්ත එක්රැස් කිරීම ආරම්භ කර ගෙවිගිය වසර 122 තුළ එම ප්‍රදේශවලින් වාර්තාවී ඇති ඉහලම උණුසුම් කාලගුණය එය බවයි.
උණුසුම් කාලගුණය හේතුවෙන් විදුලිය සදහා ඇති ඉල්ලුම ද විශාල වශයෙන් ඉහල ගොස් තිබේ. ඉන්දියාවේ ප්‍රාන්ත කිහිපයක උෂ්ණත්වය සෑම වසරකම අප්‍රේල් මැයි මාසවලදී ඉහල යයි.