අභියෝග මධ්‍යයේ වුවත් ශ්‍රී ලංකා ඇගලුම් කර්මාන්තය ඉදිරියට

Share Button

දේශීය වශයෙන් ඇති අභියෝග මධ්‍යයේ වුවද ශ්‍රීී ලංකා ඇගලුම් කර්මාන්තය ශක්තිමත්ව අඛන්ඩව සිය මෙහෙයුම් සිදු කරමින් සිටින බව ශ්‍රිී ලංකා ඇගලුම් අපනයනකරුවන්ගේ සංගමය සඳහන් කරයි. වසර පුරා මෙම ප්‍රගතිය පවත්වාගෙන යාම අරමුණයි. මෙරට ආර්ථික අර්බුදයට එරෙහිව සටන් කිරීමට සහ ස්ථාවරත්වයට ශක්තිමත් අභ්‍යන්තර පද්ධතියක් ඇති කර ගැනීම අවශ්‍ය වෙයි. ඒ සඳහා මනාව සකස් කළ උපායමාර්ගයක් අවශ්‍ය බව එම සංගමය කියා සිටී. වර්තමානයේ දී ඇගලුම් කර්මාන්ත ශාලා 300 ක් රටේ තිබේ. ඉකුත් වසරේ දි ඒවායින් ඩොලර් බිලියන 5 යි දශම 4 ක අපනයන ආදායමක් ලැබී ඇත.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.