අඩු පහසුකම් සහිතව ජීවත් වන කුලි නිවැසියන් සදහා සින්නක්කර නිවාස යෝජනා ක්‍රමයක්
අඩු පහසුකම් සහිතතව ජීවත් වන කුලි නිවැසියන් සදහා සින්නක්කර නිවාස යෝජනා ක්‍රම ක්‍රියාත්මක කෙරේ. මහල් හතරකින් සමන්විත නිවාස සංකිර්ණ ඒ යටතේ ඉදි කෙරෙනු ඇත. පලමු අදියර යටතේ පළාත් මට්ටමින් නිවාස 461 න් සමන්විත නිවාස සංකිර්ණ නවයක් ඉදිකිරිමට නියමිතයි.
තෝරාගන්නා ප්‍රතිලාභීන්ට මුලික ගෙවීමේ හැකියාවක් නැත්නම් මාසිකව රුපියල් පහළොස් දහසක පොළි මුදලක් වසර 31 ක් තුළ අය කර ගැනිමේ පදනම යටතේ නිවාස පිරිනැමේ. දෙවන හා තුන්වන පරම්පරාවට නිවසේ අයිතිය පැවරීමට හැකිවන පරිදි සහ නිවාස විකිණිමට නොහැකි වන පරිදි ප්‍රතිලාභීන් සමග ගිවිසුමකට එළඹීමට නියමිතයි.
නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරයි.