බංග්ලාදේශ සංචාරය සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය නිල වශයෙන් ප්‍රකාශයට පත්කෙරේ

Share Button

බංග්ලාදේශ සංචාරය සදහා සහභාගී වන ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙරේ. ටෙස්ට් ක්‍රිකට් තරග 2 කට සහභාගීවීම සදහා ශ්‍රී ලංකා කණ්ඩායම 8 වැනිදා දිවයිනෙන් පිටත්ව යන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි. දිමුත් කරුණාරත්න කණ්ඩායමේ නායකයායි. මෙවර ජාතික සුපර්ලීග් ක්‍රිකට් තරගාවලියේදී වැඩිම ලකුණු ලබා ගනිමින් දක්‍ෂතම ක්‍රිඩකයා බවට පත්වු කමිදු මෙන්ඩිස් ටෙස්ට් සංචිතයට කැදවා තිබේ. එම තරගාවලියේදී දක්‍ෂතා දැක්වු ඔෂධ ප්‍රනාන්දු ද සංචිතයට ඇතූලත් වෙයි. කමිල් මිශාර , රමේෂ් මෙන්ඩිස්, සුමින්ද ලක්‍ෂාන්. කසුන් රජිත. අසිත ප්‍රනාන්දු. දිල්ශාන් මධුශංක යන ක්‍රිඩකයෝ සංචිතයට ඇතුළත් වෙති.
ඇන්ජලෝ මැතිව්ස්, කුසල් මෙන්ඩිස්. ධනංජය ද සිල්වා,නිරෝෂන් දික්වැල්ල. දිනේෂ් චන්දිමාල් , චාමික කරුණාරත්න, විශ්ව ප්‍රනාන්දු, ප්‍රවීන් ජයවික්‍රම, ලසිත් ඇඹුල්දෙනිය සෙසු ක්‍රිඩකයෝ වෙති.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.

Captcha loading...