ආර්ථික කලාප 5ක් ස්ථාපිත කිරීමට ඇෆ්ගනිස්තාන රජය සැලසුම් කරයි
ඇෆ්ගනිස්තානයේ බලය ලබාගෙන සිටින තලෙයිබාන් රජයේ ආර්ථික අමාත්‍යංශය එරට ආර්ථික කලාප 5 ක් බිහිකිරීමට සැලසුම් කරයි. රටේ උතුරු, බටහිර, නිරිත, නැගෙනහිර, සහ ගිණිකොනදිග ප්‍රදේශවල මෙම ආර්ථික කලාප ස්ථාපිත කිරීමට අපේක්ෂිතයි.
ජාතික ආර්ථිකය නගා සිටුවීම සහ විදේශීය ආයෝජන ලගා කර ගැනීම මෙහි ප්‍රධානතම අරමුණ බව ඇෆ්ගනිස්තානයේ නියෝජ්‍ය ආර්ථික අමාත්‍යවරයා පවසයි.