නොමියන මිනිසුන් එම්. කේ. රොක්සාමි සමරු ගී ප්‍රසංගය ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේදී
නොමියන මිනිසුන් එම් කේ රොක්සාමි සමරු ගී ප්‍රසංගය ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ආනන්ද සමරකෝන් මැදිරියේදී අද පස්වරු 4.00ට පැවැත්වෙයි.
මෙරට බිහි වු ශ්‍රේෂ්ඨතම වයලීන වාදකයෙකු සංගීතඥයෙකු වු එම්. කේ. රොක්සාමි මහතා 1951 වසරේදී බණ්ඩා නගරයට පැමිණීම චිත්‍රපටයේ වාද්‍ය ශිල්පියෙකු වශයෙන් සිංහල සිනමාවට එක්විය. ධීවරයෝ ඇතුලු ජනප්‍රිය චිත්‍රපට ගණනාවක සංගීත අධ්යක්ෂවරයා වුයේද රොක්සාමි මහතාය.
ජාතික ගුවන් විදුලියේ වාදක මණ්ඩලයේ වයලින් වාදකයෙකු වශයෙන්ද ඔහු දිගුකලක් සේවය කළේය.