කොවිඩ් 19 නිසා මියගිය ගණන මිලියන 15 කට ආසන්න බවට ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් හෙළිදරව් කිරිමක්
කොවිඩ් 19 වසංගතය නිසා මියගිය පුද්ගලයින් ගණන මිලියන 15 කට ආසන්න බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. මෙය මීිට පෙර සදහන් කළ ගණනට වඩා සියයට 13 ක වැඩිවීමකි.
කොවිඩ් 19 වසංගතය නිසා මියගිය පුද්ගලයින් පිලිබද තොරතුරු ලෝකයේ බොහෝ රටවල් වසන් කිරිම මෙයට ප්‍රධාන හේතුව බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙයි. ඉන්දියාව රෝගය වැළදිමෙන් මියගිය ගණන මිලියන 4.7 ක් ලෙසට වාර්තා කළ ද ඊට වඩා දස ගුණයක මරණ එරට සිදුව ඇතැයි ද ලෝක සෞඛ්‍ය සංවිධානය සදහන් කරයි.