බිලියන 54 ක අක්රිය ණය පිළිබඳ වාර්තාවක් ලබාදෙන ලෙස කෝප් කමිටුවෙන් මහජන බැංකුවට නිර්දේශ
පෞද්ගලික අංශයේ විවිධ සමාගම්වලට ලබාදී ඇති දැනට අක්රිය තත්ත්වයේ පවතින රුපියල් බිලියන 54 කට ආසන්න ණය මුදල් ලබාගෙන ඇති ආයතන, ඒ සදහා ඇගයීම් කළ ආකාරය සහ අනුමැතිය ලබාදිම සදහා සම්බන්ධ වු පුද්ගලයින් ඇතුලු කරුණු පිලිබද පුර්ණ සවිස්තරාත්මක වාර්තාවක් ලබාදෙන ලෙස කෝප් කමිටුව මහජන බැංකුවට නිර්දේශ කරයි.
මෙම වාර්තාව මසක් ඇතුලත් ලබාදෙන ලෙසට උපදෙස් ලබාදී තිබෙ. එසේම ඉදිරි කෝප් වාර්තාවෙ දී මෙම තොරතුරු ප්රකාශයට පත් කරන බව ද කෝප් කමිටු සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා පැවසීය.