ශ්‍රි ලංකා සහ පකිස්තාන කාන්තා කණ්ඩායම් අතර පන්දුවාර වාර විස්සයි විස්ස සහ එක්දින තරග මාලාවක්
සංචාරක ශ්‍රි ලංකා කාන්තා කණ්ඩායම සහ පකිස්තාන කාන්තා කණ්ඩායම අතර පන්දුවාර වාර විස්සයි විස්ස තරග මාලාව ලබන 24 වැනිදා ඇරඹෙයි.පළමු තරගය එදින කරච්ච්ි ක්‍රිඩාංගනයේදි පස්වරු 2.30 ට ආරම්භ වීමට නියමිතයි. දෙරට දෙවැනි විස්සයි විස්ස තරගය ලබන 26 වැනිදාත් තුන්වැනි විස්සයි විස්ස තරගය ලබන 28 වැනිදාත් කරච්චි හිදි පැවැත්වෙ. මේ අතර ශ්‍රි ලංකා කාන්තා කණ්ඩායම සහ පකිස්තාන කණ්ඩායම අතර එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය ලබන මස 01 වැනිදා කරච්චි හිදි ආරම්භ වෙයි.දෙරට අතර එක්දින තරග 03 ක් පැවැත්විමට නියමිතයි. දෙවන හා තුන්වන එක්දින තරග පිළිවෙලින් ලබන මස 03 වැනිදා සහ ලබන මස 05 වැනිදා කරච්චි හිදි පැවැත්වේ