යුරෝපා සංගමයේ නායකයන් පිරිසක් ලබන සතියේදි ජපානයේ නිල සංචාරයක
යුරෝපා සංගමයේ නායකයෝ ලබන සතියේදි ජපානයේ නිල සංචාරයක නිරත වෙති. එම නියෝජිතයන් ජපාන අග්‍රාමාත්‍ය කිෂිඩා ෆුමියෝ මහතා හමු වි සාකච්ඡා කිරිමට නියමිතයි. මෙම සංචාරයේදි යුරෝපා සංගමයේ ප්‍රධානීන් පිරිසක් හිරෝෂිමා නගරයේ සංචාරයක නිරත වීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. රුසියාව.යුක්රේනය.ආක්‍රමණය කිරිම හා ජපානය සහ යුරෝපා සංගමය අතර සබඳතා ගැඹුරින් වර්ධනය කර ගැනිමට අදාලව මෙහිදි දෙපාර්ශ්වය අතර සාකච්ඡා පැවැත්වෙ. චීනය සම්බන්ධයෙන් ද මෙහිදි අවධානය යොමු කෙරෙනු ඇත.