දැහැමි පරපුරක් විදුල ළමා ගුවන් විදුලි වැඩසටහන අම්පාරේදි

Share Button

දැහැමි පරපුරක් මතින් තොර හෙටක් වස විෂ නැති රටක් වැඩසටහනේ 63 වන සම්මන්ත්‍රණය අම්පාර ලාහුගල පානම ශ්‍රී බෝධිරුක්ඛාරාම මහා විහාරයේදී අද පැවැත්වෙයි. ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ස්වදේශිය සේවා විදුල ළමා ගුවන් විදුලිය එය සංවිධාන කරයි. විහාරාධිපති පුජ්‍ය ශ්‍රී චන්ද්‍රරතන ස්වාමින් වහන්සේගේ අනුශාසකත්වයෙන් සහ ප්‍රාදේශිය ලේකම් කාර්යාලය පානම පොලිස් ස්ථානය දෙමව්පියෝ ඇතුඵ පිරිසක් ඊට සහභාගි වෙති. ලාහුගල සෞඛ්‍ය නිලධාරි කාර්යාලයේ වෛද්‍ය ඩී. ජී. ජේ. උමේෂා මහත්මිය එහි ප්‍රධාන දේශනය පවත්වයි. මතින් තොර සහ වස විෂ සහිත ආහාරපානවලින් බැහැරවීමේ වැදගත්කම පිළිබඳව එහිදී අවධාරණය කෙරේ. සුභාරති අසරණ සරණ වැඩසටහන සහ විදුල අකුරට අතහිත 12 වැනි පියවර යටතේ එම ධර්මායතනයට මුදල් පරිත්‍යාග කිරීමක් ද එහිදි සිදු වෙයි පානම ගම්මානයේ ආබාධිතයින්ට රෝද පුටු සහ දරුවන්ට පොත්පත් ඇතුඵ පාසල් උපකරණ පරිත්‍යාග කිරීමටද නියමිතයි. එම වැඩසටහන ඇසුරෙන් සකස් කළ විශේෂ වැඩසටහන වෙසක් පුර පසළොස්වක පොහොය යෙදෙන ලබන ඉරිදා පස්වරු 2.00 සිට ස්වදේශිය සේවය ඔස්සේ ප්‍රචාරය කෙරේ. රටට සෙත්පතා පැවැත්වෙන රතනසුත්‍ර දේශනාව ලබන සෙනසුරාදා පස්වරු 6.30 සිට සිටි එෆ් එම් සේවය ඔස්සේ සජිවිව විසුරුවා හැරේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.