මන්චි කුසලාන වොලිබෝල් තරග හෙට සිට

Share Button

මන්චි කුසලාන ජාතික ශූරතා වොලිබෝල් තරග මාලාවේ සුපර්ලීග් තරගාවලියේ කාන්තා හා පිරිමි මූලික තරග හෙට සිට ආරම්භ කිරිමට ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය සැලසුම් කර තිබෙ. ඒ අනුව හෙට සිට ලබන බ්‍රහස්පතින්දා දක්වා ගාල්ල දඩැල්ල ජාතික වොලිබෝල් මධ්‍යස්ථාන ගෘහස්ත පිටියේදි එම මූලික වටයේ තරග පැවැත්වෙ. සුපර් ලිග් පිරිමි තරගාවලියට කණ්ඩායම් 08 ක්ද කාන්තා තරගාවලියට කණ්ඩායම් 06 ක්ද. සහභාගිවිමට නියමිතයි. පසුගිය තරගාවලියේදි කාන්තා ශූරතාව දිනාගත් යුද හමුදා ක්‍රිඩා සමාජය හා පිරිමි ශූරතාව දිනාගත් ලංකා විදුලිබල මණ්ඩල කණ්ඩායම ද ඒ අතර වෙයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.