තුර්කියේ සිටින සිරියානු සරණාගතයන් යළි සිරියාවට

Share Button

තුර්කියේ සිටින මිලියනයක පමණ සිරියානු සරණාගතයන් යළිත් සිරියාවට එවීම සදහා සැලැස්මක් සකස් කරන බව තුර්කි ජනාධිපතිවරයා පවසයි. ඒ වෙනුවෙන් සිරියාවේ තෝරාගත් ප්‍රදේශ කිහිපයක නිවාස සහ පොදු පහසුකම් සකස් කරමින් සිටින බව ඔහු කියා සිටියි. ඊට සිරියානු සහායද ලැබී තිබේ. මෙම සිරියානු ජාතිකයන් තම රටේ සිටීම ආර්ථික අර්බුදයකට හේතුවී ඇතැයි ඔහු පෙන්වා දෙයි. කලාපයේ ඉහළම උද්ධමනයක් ඇති රට වන්නේ තුර්කියයි. ඉකුත් සති කිහිපයේදී සිරියානුවන් පන් ලක්‍ෂයක් තුර්කියේ සිට ආපසු සිය ගම්බිම් බලාගොස් තිබේ. මේ වනවිට මිලියන 4 කට ආසන්න සිරියානු සරණාගතයෝ තුර්කියේ සිටිති. ඔවුන් රටේ සිටීම තුර්කියේ මහජන නොසන්සුන්තාවයටද හේතුවී තිබේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.