ගුවන් විදුලියෙන් වෙසක් සතියට විශේෂ ධර්ම දේශනා මාලාවක්

Share Button

වෙසක් සතිය තුල විශේෂ ධර්ම දේශනා මාලාවක් ප්‍රචාරය කිරීමට ජාතික ගුවන් විදුලියේ සිංහල ස්වදේශිය සේවය විධිවිධාන යොදා තිබේ. පටිච්චසමුප්පාදය පදනම් කර ගත් එම ධර්ම දේශනා මාලාව ලබන බ්‍රහස්පතින්දා ඇරඹෙයි.

විචිත්‍ර ධර්ම දේශකයාණන් වහන්සේ එම ධර්ම දේශනා පවත්වති. වෙසක් සතිය තුල ප්‍රචාරය කෙරෙන මෙම ධර්ම දේශනා මාලාවට ශ්‍රාවකයන්ටද දායකත්වය සැපයිය හැකිය.

කාර්යාල වේලාවල දී දුරකතන අංක – 0112-69-71-40 මගින් සංස්ථා ආගමික අංශය ඇමතීමෙන් වැඩි විස්තර දැනගත හැකිය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.