යුරෝපා දිනය අදයි

Share Button

යුරෝපා දිනය අදයි. යුරෝපා සංගමයේ ආරම්භය එමගින් සිහිපත් කෙරේ.

1950 මැයි මස 9 වැනිදා එවකට ප්‍රංශ විදේශ ඇමතිවරයා වු රොබට් ෂුමාන් මහතා කළ කථාවක් යුරෝපා සංගමය සඳහා අඩිතාලම සකස් කළේය. 1951 ආරම්භ වන විට යුරෝපා සංගමය රටවල් 6 කින් සමන්විත විය. බෙල්ජියම, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, ලක්සම්බර්ග් හා නෙදර්ලන්තය එම රටවල් 6 යි.

යුරෝපා සංගමයේ ධජයේ ඇති රන් පැහැති තාරකා චක්‍රය නියෝජනය කරන්නේ යුරෝපා ජනතාව අතර පවතින සහයෝගිතාව හා සුසංවාදයයි. විවිධත්වය තුල එකමුතුකම යුරෝපා සංගමයේ ආදර්ශ පාඨයයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.