හම්බන්තොටින් සාර්ථක මුං අස්වැන්නක්

Share Button

හම්බන්තොට දිස්ත්‍රික්කයේ රුහුණු රිදියාගම ව්‍යාපාරයේ ගොවීන් මෙවර අතරමැදි කන්නයේ කුඹුරු යායවල සිදු කළ මුං වගාවෙන් සාර්ථක අස්වැන්නක් ලැබෙමින් පවතී. එහි අස්වනු නෙලීම මේ දිනවල සිදු වෙයි. එම් අයි ප්‍රභේදයට අයත් මුං වැඩි වශයෙන් වගා කර තිබේ.

වෙළෙදපොළේ ඒ සඳහා ඉහළ ඉල්ලුමක් පවතින බැවින් මුං අස්වැන්න සඳහා අලෙවි පහසුකම් ද සැලසී තිබේ.

මුං ඇට කිලෝග්‍රූම් 1 ක් රුපියල් 500 කට අලෙවි වන බව වගාකරුවෝ පවසති. අම්බලන්තොට බැරගම හා කොග්ගල්ල ප්‍රදේශවල වැඩි වශයෙන් මුං වගා කර තිබේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.