අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයෙකු පත් කෙරේ

Share Button

අත්‍යවශ්‍ය සේවා සැපයීම හා පවත්වාගෙන යාමට අදාළ සියලු කටයුතු ක්‍රියාත්මක කිරීම හා සම්බන්ධීකරණය සදහා අත්‍යවශ්‍ය සේවා කොමසාරිස්වරයෙක් සහ අතිරේක කොමසාරිස්වරු දෙදෙනෙක් පත් කෙරෙති. ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා එම පත්කිරීම් සිදුකර තිබේ.

ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියෙකු වන කේ. ඩී. එස්. රුවන්චන්ද්‍ර මහතා අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයායි.
කෘෂිකර්ම අමාත්‍යංශයේ හිටපු ලේකමවරයෙකු වන රෝහණ පුෂ්පකුමාර හා තැපැල්පති රංජිත් ආරියරත්න යන මහත්වරු අතිරේක කොමසාරිස්වරුන් ලෙස පත්ව තිබේ. දිස්ත්‍රික්ක 25ම ලේකම්වරු සම්බන්ධිකරණ නිලධාරීන් ලෙස පත්කරනු ලැබ සිටිති.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.