පත්වන නව රජය සමග සාකච්ඡා අඛණ්ඩව පවත්වාගෙන යාමට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සුදානම්

Share Button

ඉදිරියේදී පිහිටුවන ශ්‍රී ලංකාවේ නව රජය සමග තාක්‍ෂණික සාකච්ඡා අඛණ්ඩව පවත්වාගෙන යන බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල කියයි. ශ්‍රී ලංකා රජය හා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල අතර තාක්‍ෂණීක මට්ටමේ සාකච්ඡා පසුගිය සදුදා ආරම්භ වු අතර එය ලබන 23 වැනිදා දක්වා ක්‍රියාත්මකයි.

ශ්‍රී ලංකාවේ තත්ත්වය සමීපව නිරීක්‍ෂණය කරන බව පවසන එම අරමුදල ප්‍රචණ්ඩත්වය සම්බන්ධයෙන් විශේෂයෙන් අවධානය යොමුකර ඇතැයි සදහන් කරයි. අරමුදලේ ප්‍රතිපත්තිවලට අනුව ශ්‍රී ලංකාවට සහායවීමට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල නිරතුරු සුදානමින් සිටී.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.