අද පස්වරු 2.00 ට ඇදිරි නීතිය යළි පැනවෙයි

Share Button

අද පෙරවරු 7.00 ට ඉවත් කළ ඇදිරි නීතිය පස්වරු 2.00 ට යළි පැනවෙයි. ඇදිරි නීතිය බලපැවැත්වෙන කාලය තුළදී එම නීතිය කඩ නොකර නිවෙස්වලටවී සිටින ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දුව මහතා ජනතාවට දැනුම් දෙයි.

උදෑසන 7.00 සිට මේ දක්වා කිසිදු කඩාකප්පල්කාරී ක්‍රියාවක් වාර්තාවී නොමැත. පසුගිය දින කිහිපය තුළ වෙළෙඳසැල් වසා තැබිම හේතුවෙන් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගැනීම ඇතුඵ තම අවශ්‍යතා ඉටුකර ගැනීමට මෙම කාලය තුළ කටයුතු කරන බව නිරීක්ෂණයවී තිබේ. ඇදිරි නීතිය බලපැවැත්වෙන කාලසීමාවේදී සෞඛ්‍ය ගැටඵවක් වැනි අත්‍යවශ්‍ය දෙයක් සම්බන්ධයෙන් ආරක්ෂක අංශ දැනුවත් කර අදාල ස්ථාන වෙත ගමන් කිරීමට හැකියාව ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කරයි.

පොලිසිය මේ වනවිට පසුගියදා ඇතිවු සිදුවීම්වලට සම්බන්ධ අපරාධකරුවන් නීතියේ රැහැනට හසුකර ගැනීමට කටයුතු කරමින් සිටි. මෙම අපරාධ සිදුවීම් පිළිබඳව සමාජ මාධ්‍යජාල ඔස්සේ පණිවිඩ හුවාමාරු කරගෙන තිබේ. ඊට සම්බන්ධ සමාජ මාධ්‍ය ජාලා සහ පුද්ගලයන් හදුනාගෙන ඇත. ඔවුන්ට එරෙහි නීතිමය ක්‍රියාමාර්ග මේ වනවිට ගනිමින් පවති. මීට අදාල තොරතුරක් වෙතොත් 118 හෝ 1197 හදිසි අංකවලට දැනුම දිය හැකිය. ටී ඊ එල් අයි ජී පී යන විද්්‍යුත් තැපැල් ලිපිනයට තොරතුරු හෝ ජායාරූප යොමුකළ හැකි බව නිහාල් තල්දුව මහතා පවසයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.