දිවයිනේ සියලු ආර්ථික මධ්‍යස්ථාන අද විවෘතයි

Share Button

දිවයිනේ සියලු ආර්ථික මධ්‍යස්ථාන අද විවෘත කර ඇතැයි මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ කළමනාකාර අධ්‍යක්ෂ ඩී. ලසන්ත සංජීව මහතා පවසයි. ආර්ථික මධ්‍යස්ථාන වෙත එළවඵ රැගෙනඒම සදහා අද පෙරවරුවේ ලොරි රථ පිටත්ව ගොස් තිබෙ. දඹුල්ල, ඇඹිලිපිටිය, තඹුත්තේගම, කැප්පෙටිපොළ, ගල්ගමුව, තලාව ඇතුළු ප්‍රදේශවලින් මේ වනවිට ලොරි රථ මගින් එළවඵ් රැගෙනඑමින් පවතින බව හෙතෙම කියයි. ආර්ථික මධ්‍යස්ථානවල ගණුදෙනු ආරම්භ කෙරෙන්නේ පස්වරු 2.00 ටයි.

ඇදිරි නීතිය ක්‍රියාත්මක වුවද එළවඵ තොග බෙදාහැරීම් සහ මිලදී ගැනීම් ඇතුඵ ගණුදෙනු සදහා පොලිසිය අවසරදී තිබේ. අද උදෑසන සිට පාරිභෝගිකයන් ආර්ථික මධ්‍යස්ථාන වෙත පැමිණ ආහාර ද්‍රව්‍ය මිලදී ගනිමින් සිටිති. සහල්, පොල් හා වියළි ආහාර ද්‍රව්‍යවල හිග්යක් නැතැයි හෙතෙම කියයි.

පසුගිය 09 වැනිදා ඇදිරි නීතිය පනවන අවස්ථාවේ තොග මධ්‍යස්ථානවල ඉතිරිව පැවති එළවඵ අලෙවි කර ගැනීමට අවස්ථාව හිමි විය. ඇතැම් මාධ්‍යවල පළවු පරිදි එළවඵ තොග විනාශවීමක් සිදු නොවු බව හෙතෙම සදහන් කරයි. ආර්ථික මධයස්ථානවල එළවඵ මිල ගණන් සාමාන්‍ය මට්ටමේ පවති.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.