ප්‍රචණ්ඩත්වයට රට තුළ කිසිදු ඉඩක් නොමැති බවට යුද හමුදාපතිවරයාගෙන් ප්‍රකාශයක්

Share Button

රටේ ජාතික ආරක්ෂාව සුරක්ෂිත කිරීම සදහා පුරවැසියන් සියලු දෙනා මෙම අවස්ථාවේ වගකීමෙන් කටයුතු කළ යුතු බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. 30 අවුරුදු ත්‍රස්තවාදය අවසන් කිරීමට මෙරට ආරක්ෂක හමුදාව අද්විතිය කාර්යභාරයක් ඉටු කළේය.

එමෙන්ම පසුගිය වසර දෙක තුළ මෙරට ඇතිවු කොවිඩ් වසංගතය පාලනය කිරීම සදහා ද යුද හමුදාව ඉහල කාර්යභාරයක් ඉටු කළේය. මෙම අවස්ථාවේදී ද යුද හමුදාව ජාතික ආරක්ෂාව වෙනුවෙන් පෙනි සිටි. මෙවැනි වටපිටාවක ජනතාවට මෙරට ආරක්ෂක හමුදාව ඉටුකළ කාර්යභාරය අමතක වුයේ කෙසේදැයි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රශ්න කරයි. ජාතික ගුවන් විදුලියේ සුභාරති සංවාද මණ්ඩපයට අද එක්වෙමින් ඔහු සදහන් කළේ සුළු පිරිසක් කලහකාරි ලෙස හැසිරුන ද සමස්ත ජනතාව යුද හමුදාවට ලබාදෙන සහාය අගය කරන බවයි.

රට යම්කිසි ආකාරයක ආර්ථික පසුබෑමකට මුහුණදී සිටි. කඩිනමින් එය යථාතත්ත්වයට පත් කරමින් කටයුතු කිරීම යුද හමුදාවෙ අපේක්ෂාවයි. ප්‍රචණ්ඩත්වයට කිසිදු ඉඩක් නොමැත. ඇතැම් පිරිස් සමාජ මාධ්‍ය ඔස්සේ යුද හමුදා නිලධාරින්ට තර්ජනය කරන අවස්ථා දක්නට ලැබුනි. මින් ඉදිරියට ඒ සදහා කිසිදු ඉඩක් නොමැති බව යුද හමුදාපතිවරයා අවධාරණය කළේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.