අපොස සාමාන්‍ය පෙළ විභාගය ලබන 23 වැනිදා

Share Button

අපොස සාමාන්‍ය පෙළ විභාගය ලබන 23 වැනිදා ආරම්භ වන බව විභාග දෙපාර්තමේන්තුව කියයි.

ලබන අගහරුවාදා මධ්‍යම රාත්‍රි 12 සිට සාමාන්‍ය පෙළ විභාගය අවසන් වනතුරු විභාග අපේක්ෂකයින් සදහා උපකාරක පන්ති සංවිධානය කිරිම සහ මෙහෙයවීම විෂයානුබද්ධ දේශන සම්මන්ත්‍රණ සහ වැඩමුලු පැවැත්විම තහනම් වෙයි. මෙම විභාගය සදහා අනුමාන ප්‍රශ්න ඇතුලත් ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කිරිම සහ ඒවා බෙදා හැරිම ද තහනම්ය. විභාග ප්‍රශ්න පත්‍රවල ඇතුළත් ප්‍රශ්න සපයන බවට හෝ ඒ හා සමාන ප්‍රශ්න සපයන බවට පෝසටර්, බැනර් අත් පත්‍රිකා, විද්‍යුත් හෝ මුද්‍රිත මාර්ග මගින් ප්‍රසිද්ධ කිරිම මෙන්ම එවැනි පෝස්ටර්බැනර් අත්පත්‍රිකා ලග තබාගැනිම ද සපුරා තහනම්ය.

මෙම නියෝග නොසලකා ක්‍රියා කරන පුද්ගලයන් හෝ ආයතන පිළිබදව ලගම ඇති පොලිස් ස්ථානය හෝ විභාග දෙපාර්තමේන්තුව වෙත දැනුම් දෙන්නැයි ඉල්ලීමක් කෙරේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.