මේ අවස්ථාවේ භේද අමතක කර සියලු දෙනා එක්විය යුතු බව මහ සංඝරත්නය අවධාරණය කරති

Share Button

මෙම බැරෑරුම් අවස්ථාවේ පක්‍ෂ, පාට, ජාති, ආගම්භේද නොසලකා සියලු දෙනා එක්විය යුතු බව මල්වතු පාර්ශවයේ අනුනායක පුජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම අනුනායක ස්වාමින් වහන්සේ පවසති. සෙසු අයට පීඩා නොකර සාමය සහ සංහිදියාව ගරුකරමින් ක්‍රියාකිරීම සෑම අයෙකුගේම වගකීමයි.

ජනතාව ගැටඵ රැසකට මුහුණදී ඇති මෙම අවස්ථාවේ පාර්ලිමේන්තුව නියෝජනය කරන සැමගේ වගකීම වන්නේ එම ගැටඵවලට විසදුම් සෙවීමයි. ඇතැම් පිරිස් අනවබෝධයෙන් කටයුතු කරමින් ජාතික හා ආගමික සමගිය බිද දැමීමේ උත්සාහයක නිරතව සිටිති. එමගින් ඇතිවන ප්‍රතිවිපාක ඔවුන් තේරුම් ගතයුතුය. සියලුදෙනා එක්ව කටයුතු කර පවතින අර්බුදයෙන් ගොඩඒම මේ මොහොතේ කළයුතු වැදගත්ම කාර්යය බව පුජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම අනුනායක ස්වාමින් වහන්සේ අවධාරණය කරති.
මේ අවස්ථාවේ පාර්ලිමේන්තුව තුළ ස්ථාවරත්වයක් ගොඩනගා ගතයුතු බව අස්ගිරි පාර්ශවයේ ලේඛකාධීකාරී පුජ්‍ය මැදගම ධම්මානන්ද ස්වාමින් වහන්සේ පවසති. රට අරාජිකවිම වැළැක්වීම සදහා පත්වන නායකත්වයට සහායදීම වැදගත්ය. දේශපාලන හා ආර්ථික වශයෙන් වර්තමානයේ උද්ගතවී ඇති තත්ත්වය පිළිබඳ ත්‍රෛනියාක මහ සංඝරත්නය රාජ්‍ය නායකත්වය හා විපක්‍ෂයේ සියලු පක්‍ෂ නායකයන් නිරතුරු දැනුවත් කළ බව උන්වහන්සේ සිහිපත් කරති.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.