රට හමුවේ ඇති අභියෝග ජය ගැනීමට නව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සමත්වනු ඇතැයි විවිධ පාර්ශවලින් අනාවැකි පලවෙයි

Share Button

වත්මන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අභියෝග භාරගැනීමට හා ජය ගැනීමට හැකියාව ඇති පරිනත අත්දැකීම් බහුල දේශපාලනඥයෙකු බව වජිර අබේවර්ධන මහතා කියයි. ආර්ථික වශයෙන් රට අසීරු තත්ත්වයට පත්වු අවස්ථා ගණනාවකදීම රට යළි ගොඩනැගීමට ඔහුට හැකි විය.

රනිල් වික්‍රමසිංහ මහතා සතු ජාත්‍යන්තර සබඳතා වත්මන් ආර්ථික අර්බුදයට විසදුම් සෙවීමෙදී බෙහෙවින් වැදගත් වන බව හිටපු රේගු අධ්‍යක්‍ෂවරයෙකු වන පරාක්‍රම බස්නායක මහතා කියයි. රටේ ආර්ථික ගැටඵවලට විසදුම් සෙවිය හැකි පාර්ලිමෙන්තුවේ විශ්වාසය දිනාගත් පුද්ගලයෙකු අගමැති ධුරයට පත් කිරීම ජනාධිපතිතුමාගේ අරමුණ විය.

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා නව අගමැතිවරයා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ ඊයේ පස්වරුවෙ දිවුරුම් දුන්නේය. මෙ අනුව ශ්‍රි ලංකාවෙ 26 වන අග්‍රාමාත්‍යවරයා ලෙස පත්වු වික්‍රමසිංහ මහතා එම ධුරයට පත් වු 6 වන අවස්ථාව මෙයයි. අග්‍රාමාත්‍ය ලේකම් ධුරයට සමන් ඒකනායක මහතා පත් කර තිබෙ.

නව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමග ඉදිරියේදි එක්ව වැඩ කිරිමට අපේක්ෂා කරන බව මෙරට අමෙරිකානු තානාපති ජුලි චැන්ග් මහත්මිය සිය නිල ට්විටර් ගිණුමෙ සටහනක් තබමින් සදහන් කර තිබීණි. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සම්බන්ධව සාර්ථක ප්‍රගතියක් අත්කර ගැනීමට සහ සියලුම ශ්‍රි ලාංකිකයන්ගේ අවශ්‍යතා සපුරාලන දිගු කාලීන විසදුම් සදහා ඔහු දිරිමත් කරන බව ද තානාපතිවරිය සිය නිවෙදනයෙන් පවසා තිබිණි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.