ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය සැලසුම් කළ පරිදි

Share Button

ඕස්ටේලියානු ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය සැලසුම් කළ ආකාරයට සිදුවන බව එරට ක්‍රිකට් ආයතනය පවසයි. ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම ලබන මාසයේ ශ්‍රී ලංකාවේ තරග සංචාරයක නිරත වෙයි. පන්දුවාර විස්සයි විස්ස තරග 3ක්, එක්දින තරග 5 ක් හා ටෙස්ට් තරග දෙකක් සංචාරයට ඇතුළත්ය.

ඕස්ටේලියානු ක්‍රිකට් කණ්ඩායමක් ශ්‍රී ලංකාවේ තරග සංචාරයක නිරත වන්නේ වසර 6කට පසුවයි.

කණ්ඩායම් දෙක අතර පළමු පන්දුවාර විස්සයි විස්ස තරගය කොළඹදී ලබන මස 07 වැනිදා පැවැත්වේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.