අල්ජසීරා මාධ්‍යවේදිනියගේ ඝාතනය සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් පවත්වන්නැයි ජගත් මානව හිමිකම් කාර්යාලය ඉල්ලයි
අල්ජසීරා පුවත් සේවයේ මාධ්‍යවේදිනියගේ ඝාතනය සම්බන්ධයෙන් වහාම ස්වාධීන පරීක්ෂණයක් පවත්වන්නැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය අදාළ බලධාරීින්ගෙන් ඉල්ලා සිටියි. එය විනිවිද භාවයකින් යුත් අපක්ෂපාතී පරීක්ෂණයක් වියයුතු බව එම කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි.
ඊශ්‍රායල හමුදා බටහිර ඉවුරේ සිදුකළ සෝදිසි මෙහෙයුමක් ආවරණය කරමින් සිටියදී එම මාධ්‍යවේදිනිය මරණයට පත්වුවාය.