ජනතා මතයට ගරු නොකර තීන්දු ගැනීම සුදුසු නොවන බව රාජිත සේනාරත්න මහතා කියයි

Share Button

රට ගොඩ නැගීමට ඇති හොඳම විසදුම සර්වපාක්ෂික අන්තර්කාලීන රජයක් බව තමන් ඇතුඵ’ ස්වාධින කණ්ඩායම් විටින්විට අදහස් ඉදිරිපත් කළත් ඊට නිසි පිලිතුරක් කිසිවෙකුගෙන් නොලැබුනු බව පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිල මහතා කියයි’ ආණ්ඩු පෙරලීමේ අවශ්‍යතාවක් ස්වාධිනවු පක්ෂවලට නොමැත’ රට අරාජික කිරීමට ඉඩ නොදි පවත්වාගෙන යාමට අවශ්‍ය සහාය අවශ්‍ය අවස්ථාවලදී ලබාදෙන බවද ඔහු කීවේය’

 

පත්වන රජය ජනතාවගේ මුලික අවශ්‍යතා සපුරාලිය යුතු යැයි පාර්ලිමේන්තු මන්ත්‍රි වාසුදේව නානායක්කාර මහතා පවසයි’ භාණ්ඩ මිල ගණන් දැරිය යුතු තත්ත්වයකට පත්කළ යුතු යැයි ඔහු අවධාරණය කරයි’

මේ අතර ජනතා මතයට ගරු නොකර තීන්දු ගැනීම සුදුසු නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රි රාජිත සේනාරත්න මහතා පැවසීය’ වත්මන් අගමැතිවරයාගේ පත් කිරීම නීති විරෝධි බව ඔහු කියයි’ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි අකිල විරාජ් කාරියවසම් මහතා පැවසුවේ පාර්ලිමෙන්තුව නියෝජනය කරන කිසිදු නායකයෙකු රජය භාර ගැනීමට ඉදිරිපත් නොවු අවස්ථාවේ රනිල් වික්‍රමසිංහ මහතා එම අභියෝගය භාරගත් බවයි’ වර්තමානයේ රටේ පවතින ගැටඵ් සදහා කඩිනම් විසදුම්දීමට අගමැතිවරයා බලාපොරොත්තුවෙන් සිටින බව ඔහු සදහන් කළේය’ රට ආර්ථික අර්බුදයෙන් ගොඩගැනීම සදහා පක්ෂ පාට භේදයකින් තොරව සියලු දෙනා එක්විය යුතු යැයි මහ සංඝරත්නය අවධාරණය කරති’

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.