මුල්‍යාධාර ලබා ගැනීමට විදේශ සංසඳයක්’

Share Button

මුල්‍යාධාර ලබා ගැනීමට විදේශ සංසඳයක් පිහිටුවීමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා රටවල් කිහිපයක් සමග’ ඊයේ සාකච්ඡා ආරම්භ කළේය’ රටේ ආර්ථිකය යථාතත්ත්වයට පත් කිරීම තම ඒකායන අරමුණ බව ඒ මහතා කියයි’ ඉන්දිය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා සමග පැවති සාකච්ඡාවේදී ආර්ථික ප්‍රකෘතියක් සදහා ගෙන ඇති ක්‍රියාමාර්ග කෙරෙහි අවධානය යොමුවිය’ මෙරටට අඛණ්ඩව සහාය ලබාදීමට මහ කොමසාරිස්වරයා පොරොන්දු විය’ ජපන් තානාපති මිෂිකෝෂි හිඩෙකි ශ්‍රී ලංකාවට කඩිනම් ආධාර ලබාදීමට ජපන් රජය සමග් සාකච්ඡා කිරීම සදහා අද ටෝකියෝ බලා පිටත්වන බව සදහන් කළේය’ මෙරට ආර්ථිකයට උපකාර කිරීම සදහා වෙනත් රටවල සහාය ලබා ගැනීමට ගෙන ඇති ක්‍රියාමාර්ග ද මෙහිදී අවධානයට ලක්වුනි’ ඉදිරියේදී ඇමෙරිකානු භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවේ නිලධාරිහු පිරිසක් ද දිවයිනට පැමිණෙති’ ඒ බව ඇමෙරිකානු තානාපති ජුලිී චන්ග් මහත්මිය අගමැතිවරයාට සහතික කළාය’ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සහ පාර්ලිමේන්තුවේ අධික්ෂණ කාරක සභා ශක්තිමත් කිරීම පිළිබඳව ද අවධානය යොමු විය’ ශ්‍රී ලංකාවට ලබාදී ඇති ආධාර සමාලෝචනය කරන බව චීන තානාපති කිව් ෂෙන්හොන්ග් මහතා කියා සිටියේය’ මෙරටට අඛණ්ඩව සහායදීමට චීනය කැමැත්තෙන් සිටි’ ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය පිළිබඳව බ්‍රිතාන්‍ය රජය දැනුවත් කොට ඉක්මනින්ම සහායදෙන බව බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් සාරා හල්ටන් සදහන් කළාය’

නව අගමැතිවරයා ප්‍රමුඛ රජයට සහාය ලබාදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් මහතා කීවේය’ පක්ෂයේ ස්වාධිනත්වය සුරකිමින් ඒ සදහා ක්‍රියා කෙරේ’

රට ආර්ථික අර්බුදයෙන් ගොඩ ගැනීමට වැඩි විදේශ මුල්‍යාධාර අපේක්ෂා කරන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා බී බී සී පුවත් සේවය සමග් සම්මුඛ සාකච්ඡාවේදී කීවේය’ කිසිසේත්ම සාගතයක් ඇතිවීඹට ඉඩ නොතැබෙ‘’ රටට අවශ්‍ය ආහාර සොයා ගැනීමට වැඩි උත්සාහයක් ගනු ඇත’ වත්මන් රජයේ සියලු ප්‍රතිපත්ති වෙනස් කෙරේ’ ජනතාවට තුන්වෙ‘ල ලබාගත හැකි ආර්ථිකයක් ගොඩනැගීම ප්‍රධාන අපේක්ෂාවයි’ ඒ සදහා ආධාර අවශ්‍යය’ එම තත්ත්වය උදාවන තෙක් ආර්ථිකය අයහපත් තත්ත්වයෙන් කෙටි කාලයක් පවතිනු ඇත’ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට ඉල්ලා අස්වන ලෙසට කෙරෙන විරෝධතාකරුවන්ගේ හැගිම් සම්බන්ධයෙන් තමා එකග් වුවත් එතුමාගේ ඉල්ලා අස්වීමක් සිදු නොවන බව වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය’

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.