දරුවන් නිදහස් කොට තැබීමට සමත්ව සිටිමු යැයි ජනාධිපති පවසයි
අපගේ ළමා විය අවුරා තැබු ආර්ථික සහ සමාජ අභියෝග රැසකින් අද අපගේ දරුවන් නිදහස් කොට තැබීමට සමත්ව සිටිමු යැයි නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා පවසයි.
ලොව සංවර්ධිත රටවල සමාජ සංවර්ධන සීමාවන්ට ළගාවීමට ද අපට හැකියාව ලැබී තිබේ. නාගරිකරණය හෝ ජීවන මාදිලියේ වේගවත් පරිවර්තන හේතුවෙන් සහ අධ්‍යාපනයේ තරගය විසින් දරුවන්ගෙන් උදුරාගෙන ඇති නිදහස සහ විචිත්‍රවත් භාව ලෝකය ඔවුන් වෙත යලි දිනාදිය හැකි මං සෙවීම වැඩිහිටි සැමගේ වගකීම බව නිවේදනයෙහි. සදහන් වේ.