පාර්ලිමේන්තුව තුළ ජාතික සභාවක් ඇතිකල යුතු බව අගමැති කියයි

Share Button

රටේ ආර්ථිකය ගොඩනැගිය යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ඒ සමග පාර්ලිමේන්තුවට දොස් පවරන සංස්කෘතිය වෙනස්කල යුතුය. ඒ සඳහා පාර්ලිමේන්තුව තුල ජාතික සභාවක් ඇතිකල යුතු බව ඔහු කීවේය.

වර්තමානයේ පාර්ලිමේන්තුව දැඩි තර්ජනයකට ලක්ව තිබේ. මන්ත්‍රිවරුන්ගේ ගෙවල් ගිනිතබා ඇත. ඇතැම් මන්ත්‍රිවරුන්ට පහරදී තිබේ. ඒ සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් සිදුකල යුතු බව අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ නියෝජ්‍ය කථානායකවරයා තේරීමේ ඡන්ද විමසීමෙන් පසු විශේෂ ප්‍රකාශයක් කරමිනි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.