රාජ්‍ය සේවයේ අත්‍යවශ්‍ය සේවාවල හැර සෙසු නිලධාරීන්ට අද නිවාඩු

Share Button

රාජ්‍ය සේවයේ අත්‍යවශ්‍ය සේවාවල හැර අනෙකුත් නිලධාරින් අද සේවයට වාර්තා කිරීම අනවශ්‍ය බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය නිවේදනය කරයි. මේ සම්බන්ධයෙන් අගමැතිවරයා පාර්ලිමේන්තුවේ ඊයේ කළ ප්‍රකාශයට අනුව රට තුළ ඉන්ධන හිගය හා ප්‍රවාහන අපහසුතා සැලකිල්ලට ගෙන මෙම පියවර ගෙන ඇතැයි එම අමාත්‍යංශයේ ලේකම් ජේ. ජේ. රත්නසිරි මහතා සදහන් කරයි. හදිසි සහ අත්‍යවශ්‍ය රාජකාරි සදහා නිලධාරින් සේවයට කැදවීම සම්බන්ධයෙන් ආයතන ප්‍රධානියාගේ අභිමතයට මෙය බාධාවක් නොවන බවද එම නිවේදනයේ දැක්වෙයි.
රජයේ පාසල්වල සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල මේ වසරේ පලමු පාසල් වාරයේ පලමු අදියර අදින් අවසන් විය. දෙවන අදියර ලබන මස 06 වන සදුදා ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කරයි. 2021 අපොස සාමාන්‍ය පෙළ විභාගය ලබන සදුදා ආරම්භ වන බැවින් එම තීරණ්ය ගෙන තිබේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Captcha loading...