ශ්‍රි ලංකාවට උපරිම සහාය දෙන බවට ඉන්දියාවෙන් ප්‍රතිඥා
මිතුරෙකු සහ අසල්වැසියෙකු ලෙස ශ්‍රි ලංකාවට උපරිම සහාය ලබාදෙන බව ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා පවසයි.
ශ්‍රි ලංකාවට අවශ්‍ය මූල්‍යාධාර, ආහාර, ඖෂධ සහ සෙසු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සපයන බව ඔහු ප්‍රකාශ කර ඇත්තේ චෙන්නයි හි පැවති උත්සවයකට එක්වෙමිනි. දුෂ්කර කාලයක් පසු කරමින් සිටින ශ්‍රි ලංකාවට ලබාදිය හැකි සෑම සහයෝගයක්ම දෙන බව ඔහු එහිදි අවධාරණය කර තිබෙ.
එමෙන්ම රටේ ප්රජාතන්ත්රවාදයේ ස්ථාවරත්වයට සහ ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරිම සදහා ඉන්දියාවේ සහාය හිමි වෙයි.