ගෑස් තොග රැගත් නැවක් ලබන ඉරිදා මෙරටට – හෙට සහ අනිද්දාත් ගෑස් පොලිම්වල රැදී නොසිටින්නැයි ලිට්ට්‍රෝ සමාගමින් දැනුම්දිමක්
ගෑස් තොගයක් සහිත නෞකාවක් ලබන ඉරිදා මෙරටට ලගාවන බව ලිට්ට්‍රෝ සමාගමේ සභාපති විජිත හේරත් මහතා කියයි. ඒ අනුව ලබන අගහරුවාදා වන විට යළි ගෑස් බෙදාහැරීමේ කටයුතු ආරම්භ කිරිමට හැකිවනු ඇත. එම ගෑස් තොග මගින් දිනකට සිලින්ඩර ලක්ෂ 4 ක් පමණ බෙදාහැරීමට අපේක්ෂිතය. හෙට සහ අනිද්දා ගෑස් මිලදි ගැනිම සඳහා පොලීම්වල රැදී නොසිටින්නැයිද සභාපතිවරයා ජනතාවට දැනුම් දෙයි.