21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළීබඳව අර්ථවත් සාකච්ඡාවක් ඊයේ පැවති බව පාර්ලිමේන්තු මන්ත්‍රිවරු කියති

Share Button

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ඇති දෝෂ ඉවත් කර ගනිමින් 21 වන සංශෝධනය ගෙන ඒමට ඊයේ පස්වරුවේ අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවේදි දේශපාලන පක්ෂවල එකගතාව ලැබුණු බව පාර්ලිමේන්තු මන්ත්‍රි ඩිලාන් පෙරේරා මහතා පවසයි. සියලු පාර්ශ්වවල මැදිහත්විමෙන් අර්ථවත් සාකච්ඡාවක් සිදු වූ බව ඔහු කියා සිට,ඤුි යම් යම් අමාත්‍යංශ ඇමතිවරයෙකු යටතට පවරන තෙක් ඒවායේ අන්තර්කාලීන වගකිම ජනාධිපතිවරයාට පැවරෙන පරිදි සංශෝධන ඉදිරිපත් කරන බව ඇමති ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා පවසයි. 21 වන සංශෝධනය මගින් බලතල පැවරීම පිළිබඳව එක් එක් පාර්ශ්ව ඉදිරිපත් කළ ගැටලු වලට මෙහිදි පිළීතුරු ලැබුණු බව ද ඇමතිවරයා කියා සිටි.
හඩපටය — විජේදාස රාජපක්ෂ
පාර්ලිමේන්තු මන්ත්‍රි දයාසිරි ජයසේකර මහතා සදහන් කළේ ජනාධිපතිවරයාට යම් අවස්ථාවක අගමැතිවරයා ඉවත් කිරිමට අවශ්‍ය නම් ස්වාධිනව එය සිදු නොකොට ඒ පිළිබඳව පාර්ලිමේන්තුවට දැනුම් දි පාර්ලිමේන්තුව හරහා එය ඉටු කර ගැනිමට හ ැකිවන ලෙස සංශෝධන ගෙනඑන බවයි .

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.

Captcha loading...