පාසල්වල පළමු වාරයේ දෙවන අදියර හෙට සිට

Share Button

රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු වාරයේ දෙවන අදියර හෙටින් ඇරඹෙයි. අපොස සාමාන්‍ය පෙළ විභාගය හේතුවෙන් පළමු වාරයේ පළමු අදියර පසුගිය මස 09 වැනිදා අවසන් විය. හෙටින් ආරම්භ වන පළමු වාරයේ දෙවන අදියර අවසන් වන්නේ ලබන මස 08 වැනිදාය. දෙවැනි පාසල් වාරය ලබන මස 18 වැනිදා ඇරඹෙයි. අධ්‍යාපන අමාත්‍යංශයේ පාසල් කටයුතු ඒකකය පවසන්නේ එම දින වකවානු වෙනස්වීමට ඉඩ ඇති බවයි. පසුගිය කාලයේ පාසල් පැවැත්වුයේ සිමිත දින ගණනක් බැවින් මේ වසරේ දෙසැම්බර් මස අග දක්වා පාසල් පැවැත්වීමටත් දරුවන්ට පාසල් දින ගණන උපරිමයෙන් අත්කරදී මේ වසරේ විෂය නිර්දේශ ආවරණය කිරීමටත් අධ්‍යාපන අමාත්‍යංශය අපේක්ෂා කරයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.

Captcha loading...