ගිනිඅවි භාවිතයට එරෙහි නව නීති හදුන්වාදීමට ඇමෙරිකානු සෙනෙට් සභාවෙන් සැලැස්මක්

Share Button

ගිනිඅවි භාවිතයට එරෙහි නව නීති හදුන්වාදීම සදහා සැලැස්මක් සකස් කිරීමට එක්සත් ජනපද සෙනෙට් සභිකයෝ පිරිසක් කැමැත්ත පළ කරති. වයස අවුරුදු 21 ට අඩු පුද්ගලයන් ගිනිඅවි මිලදී ගැනීම තහනම් කිරීම. නීති විරෝධි අන්දමින් ගිනිඅවි මිලදී ගැනීම වැළැක්වීම ආදි යෝජනා දැනටමත් ඉදිරිපත්වී තිබේ.

සෙනෙට් සභාවේ රිපබ්ලිකන් පාක්ෂිකයන් දසදෙනෙකුගේ සහාය ද නව නිීති සකස් කිරීම සදහා ලැබි තිබිම විශේෂත්වයකි.

ගිනිඅවි භාවිතයට එරෙහි නව නීති හදුන්වාදීම ජනාධිපති ජෝ බයිඩන් මහතා ද අනුමත කර තිබේ.

පසුගිය කාලයේ සිදුවු ඝාතන සිද්ධි කිහිපයක් මුල් කරගෙන ගිනිඅවි භාවිතයට එරෙහි නව නීති හදුන්වා දෙන්නැයි රජයට බල කෙරෙන උද්ඝෝෂණ පසුගිය සෙනසුරාදා ඇමෙරිකාව පුරා පැවැත්වින. දහස් ගණනක පිරිසක් ඒවාට එක්ව සිටියහ. ගිනිඅවි භාවිතය තහනම් කරමින් රට තුළ ප්‍රචණ්ඩ ක්‍රියා අවදානම වළක්වන්නැයි ඔව්හු රජයෙන් ඉල්ලා සිටියහ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.