කඳුරට සේවයෙන් පොසොන් බැති

Share Button

ශ්‍රිී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ කඳුරට සේවයේ අගහරුවාදා ළමා වැඩසටහනේ දූදරුවන් ඉදිරිපත් කරන පිපෙන කැකුළු පොසොන් බැති ගී ප්‍රසංගය කඳුරට සේවා පරිශ්‍රයේදී අද පස්වරුවේ පැවැත්වේ. මහනුවර දිසා ලේකම් චන්දන තෙන්නකෝන් මහතා ප්‍රධාන ආරාධිතයාය. සංසථා වෙළෙඳ සේවය පිළියන්දල බෝකුන්දර ස්වෙච්ඡා සංවිධාන හා ප්‍රදේශවාසී ශ්‍රාවකයන් සමග එක්ව පැළ බෙදා දීමේ වැඩසටහනක් සංවිධාන කර තිබේ. වෙළෙඳ සේවා අසන්නන්ගේ රසික සංසදයේ ගාල්ල දිස්ත්‍රික් ශාඛාව සංවිධාන කරන පොසොන් බැති ගී ප්‍රසංගය ගාල්ල රත්ගම දෙව්මිණිගොඩ මල්වැස්සපිටිය මංගලාරාම විහාරස්ථානයේදී පැවැත්වෙන්නේ හෙට රාත්‍රියේයි.
කොළඹ 5 ලුම්බිණි මහා විද්‍යාලයීය බෞද්ධ සංගමය සහ ආදිී ලුම්බිණියන්ගේ සංගමය එක්ව සංවිධානය කරන 2022 ලුම්බිණි පොසොන් කලාපය අද පස්වරු 4 30 ට විද්‍යාලයීය පරිශ්‍රයේදි ආරම්භ වෙයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.