සෙවරොඩොනෙට්ස් නගරය අත්කර ගැනීමට රුසියාව දැඩි උත්සාහයක
යුක්රේනයේ සෙවරොඩොනෙට්ස් නගරය සෙසු සියලු ප්‍රදේශවලින් වෙන් වෙයි. එම නගරයට යාහැකි මාර්ගවල ඇති සියලු පාලම් රුසියානු හමුදා මේ වනවිට පුපුරුවා විනාශ කර තිබීම ඊට හේතුවයි. එම තත්ත්වය හමුවේ නගරයේ ජනතාවට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සැපයීමට හා සාමාන්‍ය වැසියන් ඉවත් කර ගැනීමට නොහැකි තත්ත්වයක් උදාවී තිබේ. එම නගරය අත්කර ගැනීම සඳහා රුසියානු හමුදා ගෙවී ගිය සති කිහිපය පුරා දැඩි උත්සාහයක නිරතව සිටියහ. එම නගරයේ බලය අත්කර ගැනිම යනු යුක්රේනයේ විශාල ප්‍රදේශයක බලය රුසියානු හමුදා සතු වීමකි.