අඩු ආදායම්ලාභි ගොවි පවුල් සදහා යූරියා පොහොර නොමිලේ ලබාදිමට ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය සූදානම්

Share Button

ඉදිරි මහ කන්නය සදහා අඩු ආදායම්ලාභි ගොවි පවුල් සදහා වී වගාවට අවශ්‍ය යූරියා පොහොර මඵ 3 ලක්ෂ 65 දහසක් නොමිලේ ලබාදිමට ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය එකගතාව පළ කර තිබෙ. ඒ අනුව එක් ගොවි පවුලුකට යූරියා පොහොර මල්ලක් බැගින් ලබාදිමට නියමිත බව කෘෂිකර්ම ඇමති මහින්ද අමරවීර මහතා පවසයි.

එමෙන්ම ලබන මාස් කන්නය සදහා මූලික අඩු ආදායම්ලාභී පවුල් 14 000 කට එක් පවුලකට රුපියල් 18000 බැගින් මුං වගා කිරිමට ආධාර මුදලක් ලබාදිමට ද එම සංවිධානය එකගතාව පළ කර ඇතැයි අමාත්‍යවරයා සදහන් කරයි. මෙම ආධාර මුදල් එම සංවිධානයට නැවත ගෙවිය යුතු නොවන අතර කාන්තාවන් මුලික අඩු ආදායම්ලාභි පවුල්වල ජීවන තත්ත්වය නංවාලිමේ අරමුණින් මෙම වැඩපිළීවෙල ක්‍රියාත්මක කෙරේ.

එමෙන්ම දැනට අත්හිටුවා ඇති ත්‍රිපෝෂ නිෂ්පාදනය කිරිම සදහා අවශ්‍ය මුංඇට, බඩඉරිගු සහ සෝයා රටතුළ වගාකිරිමට ලබන මාස් කන්නයේදි ප්‍රමුඛතාව ලබාදිමට ද තීරණය කර ඇතැයි අමාත්‍යවරයා සදහන් කරයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.