පෞද්ගලික මගි බස් රථ ධාවනය නතර වීමේ අවදානමක්
ඉන්ධන අර්බුදය තව දුරටත් පැවතියහොත් මගී බස් රථ ධාවනය නතරවීමේ අවදානමක් මතුව ඇතැයි ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය කියයි. අද දිනයේ සියලුම පෞද්ගලික බස් රථ සේවයෙන් ඉවත් විය හැකි බව සංගමයේ සභාපති ගැමුණු ව්ජේරත්න මහතා කියයි. ඉදිරි සති කිහිපය ඉතා තීරණාත්මක බව පෙන්වා දෙන විජේරත්න මහතා ඊට කාලෝචිත විසඳුමක් අත්‍යාවශ්‍ය බව අවධාරණය කරයි.