මහනුවර ඇසළ මහා පෙරහර මංගල්‍යය

Share Button

මෙවර මහනුවර ඇසළ මහා පෙරහර මංගල්‍යය ලබන මස විසි නව වෙනි දින සිව් මහා දේවාලයන්හි සුභ නැකතට කප් සිටුවීමෙන් ආරම්භ වෙයි. අගෝස්තු මස 02 දින සිට 06 වෙනි දින දක්වා කුඹල් පෙරහරත් 7 වෙනි දින සිට 11 වෙනි දින දක්වා රන්දෝලි පෙරහර පවත්වා 12 වෙනි දින දහවල් පෙරහරින් ඇසළ මහා මංගල්‍යය නිමාවට පත් වෙයි.

ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවති පෙරහර පිළිබඳ විශේෂ සාකච්ඡාවේදී මෙම කරුණු අනාවරණය විය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.