හම්බන්තොට කාන්තා ගෙවතු වගා බිම් 17 දහසක්
හම්බන්තොට දිස්ත්‍රික්කයේ කාන්තා ගෙවතු වගා බිම් 17 දහස් 600 ක මුං කව්පි බතල ආදි ආහාර බෝග වගා කෙරේ. අවශ්‍ය බීජ හා රෝපණ ද්‍රව්‍ය කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන නිලධාරිහු සපයති. මීගහජඳුර මයුරපුර ලුණුගම්වෙහෙර බෙරලිහෙල යෝධ කණ්ඩිය යන ගොවිජන සේවා බලප්‍රදේශවල කාන්තා ගෙවතු වගාව බහුලව සිදු කෙරෙන බව දිස්ත්‍රික් ගොවිජන සංවර්ධන සහකාර කොමසාරිස් එස්. ඒ. ඩබ්ලිව්. දහනායක මහතා පැවසීය.