යුක්රේනය යුරෝපා සංගමයට එක්වීමට සහාය පළවෙයි

Share Button

යුරෝපා සංගමයට එක්වීම සදහා යුක්රේනය ඉදිරිපත් කළ ඉල්ලීමට එම සංගමයේ සාමාජික රටවල නායකයන්ගේ සහාය පළවෙයි. ප්‍රංශය ජර්මනිය ඉතාලිය හා රූමේනියාව යන රටවල නායකයන් මේ වනවිට යුක්රේනයට පැමිණ සිටින අතර කියෙව් අගනුවර පැවති විශේෂ රැස්වීමකදී ඔව්හු ඒ බව සදහන් කළහ. ජර්මන් චාන්සලර් ඔලාෆ් ස්කෝල්ස් මහතා පැවසුවේ යුක්රේනයට වහා සාමාජිකත්වය දියයුතු බවයි. යුක්රේනය යුරෝපා පවුලට අයත් බව පැවසු ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන් මහතා රුසියාව පරදා ජය ගන්නාතුරු යුරෝපා සංගමය යුක්රේනය සමග සිටින බව අවධාරණය කළේය. රුසියාව සටන්වැද සිටින්නේ තම රටට එරෙහිව නොව යුරෝපයේ සමගියට එරෙහිව බව යුක්රේන ජනාධිපති ව්ලෝදිමිර් සෙලෙන්ස්කි මහතා එහිදී පැවසීය. තම රටට තවත් අවි ආයුධ සපයන්නැයි ඔහු යුරෝපා සංගමයෙන් ඉල්ලා සිටියේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.