එවරස්ට් කඳවුරු සංකීර්ණය වෙනත් ස්ථානයකට

Share Button

එවරස්ට් කඳු මුදුනේ පිහිටි කඳවුරු සංකීර්ණය වෙනත් ස්ථානයක ස්ථාපිත කිරීමට නේපාල රජයේ අවධානය යොමු වෙයි. ගෝලීය උෂ්ණත්වය ඉහල යාම සහ මානව ක්‍රියාකාරකම්වල බලපෑම ඊට හේතුවයි. වසන්ත කඳු නැගීමේ සමයේ දී පුද්ගලයෝ 1500 ක් ක් පමණ මෙම කඳවුරු ප්‍රදේශය භාවිත කරති. එය පිහිටා ඇත්තේ සීඝ්‍රයෙන් දිය වීමට ලක් වන කම්බු ග්ලැසියරය මතයි. මෙම ග්ලැසියරය දැඩි ලෙස දියවීමට ලක්ව ඇති අතර ඉන් කඳු නගින්නන්ට ඇති විය හැකි බලපෑම ද සලකා එම කඳවුරු සංකීර්නය වෙනත් ස්ථානයක ස්ථාපිත කිරීමට පියවර ගෙන ඇතැයි නේපාල සංචාරක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් තරානාත් අධිකාරිී ප්‍රකාශ කර තිබේ. එම කඳවුරු සංකීර්ණය මිටර් 5364 ක් උසින් පිහිටා ඇත.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.