ආහාර අර්බුදය විසඳීමට කඩිනම් සැලසුම් සකස් කිරීමට විශේෂ කමිටුවක් අගමැති නියමයෙන්
ඉදිරි කාලයේදී මෙරට ජනගහනයෙන් ලක්ෂ 50 කට ආසන්න පිරිසකට සෘජුව බලපෑ හැකි ආහාර අර්බුදය විසඳීම සඳහා අවශ්‍ය සැලසුම් සකස් කරමින් සිටින බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. එම වැඩපිළිවෙල ක්‍රියාවට නැංවීම සඳහා විශේෂ කමිටුවක් පත්කරන්නැයි ද අගමැතිවරයා අද අගමැති කාර්යාලයේදී පැවති හමුවකදී උපදෙස් ලබා දුන්නේය. එම කමිටුව සකස් කරන සැලසුම සති දෙකක් තුල ඉදිරිපත් කලයුතු බව ද අගමැතිතුමා සඳහන් කර තිබේ. පාර්ලිමේන්තු මන්ත්‍රි නිමල් ලන්සා මහතාගේ ප්‍රධානත්වයෙන් එම කමිටුව පත් කිරීමට නියමිතය. ඇමති නිමල් සිරිපාල ද සිල්වා ු පාර්ලිමේන්තු මන්ත්‍රි ආචාර්ය හර්ෂ ද සිල්වා යන මහත්වරු එම කමිටුවට ඇතුලත් වෙති. ජනාධිපති කාර්යාලය මුදල් අමාත්‍යාංශය කෘෂිකර්ම අමාත්‍යාංශය යුධ හමුදාව සහ පෞද්ගලික අංශය ද මෙයට දායක කරගැනේ. දිවයින පුරා ප්‍රාදේශීය ලේකම් කොට්ටාස හරහා මෙම වැඩපිලිවෙල සාර්ථක කරගැනීම සඳහා උපාධිධාරි පත්විම් ලබා ප්‍රාදේශිය ලේකම් කාර්යාලවල සේවය කරන උපාධි ධාරින් ද එක්කර ගැනිමට එම හමුවේදී යෝජනා කෙරිණි.