පලාලි ජාත්‍යන්තර ගුවන් සේවා ලබන 01 වැනිදා සිට

Share Button

පලාලි ගුවන් තොටුපලේ ජාත්‍යන්තර ගුවන් සේවා ලබන 01 වැනිදා සිට ඇරඹෙයි. ඇමති නිමල් සිරිපාල ද සිල්වා මහතා එම ගුවන් තොටුපල නිරික්ෂණය කිරිමෙන් පසු බලධාරින්ට උපදෙස් දුන්නේ කඩිනමින් ගුවන් මෙහෙයුම් ආරම්භ කරන ලෙසයි. ඉන්දියාවට පමණක් නොව වෙනත් රටවලටද මෙම ගුවන් තොටුපලේ සිට ගුවන ්සේවා ඇරඹීමට ගුවන් සමාගම් සමග සාකච්චා කරන්නැයි ඇමතිවරයා දැනුම් දුන්නේය. ඉක්මනින්ම ඒ ආශ්‍රිතව තීරුබදු රහිත සාප්පු සංකිර්ණයක් ද ස්ථාපිත කෙරේ. දැනට ගොඩබැස්සවිය හැක්කේ මගීන් සියයකට අඩු ගුවන් යානා පමණි. එබැවින් විශාල ගුවන් යානා ගොඩබෑමට ගුවන් පථය තවදුරටත් දීර්ඝ කළ යුතුය. මෙම ගුවන් තොටුපල හා කන්කසන්තුරේ වරාය සංවර්ධනය කිරිමෙන් පසු විදෙස්ගත දෙමළ ප්‍රජාවට තම මව්බිමට පැමිණ ව්‍යාපාර සදහා ආයෝජන සිදුකළ හැකිය .එසේම පලාලි ගුවන් තොටුපලේ දැනට සේවය කරන නිලධාරින් වරින් වර කටුනායක ගුවන් තොටුපල හා සේවා මාරුවීම් ද කළ යුතු යැයි ඇමතිවරයා සදහන් කළේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.