රුසියානු යුක්රේන යුද්ධය ඉදිරියට ඇදි යා හැකි බවට නේටෝවෙන් අනතුරු ඇගවීම්
රුසියානු යුක්රේන යුද්ධය වසර ගණනාවක් ඉදිරියට ඇදි යා හැකි බවට නේටෝ සංවිධානය අනතුරු අගවයි. රුසියාව නැගෙනහිර යුක්රේනයට එල්ල කරන ප්‍රහාර තීව්ර කිරිම සැලකිල්ලට ගෙන නේටෝ සංවිධානය මේ බව සදහන් කර තිබේ. යුක්රේන හමුදාවට මෙම අවස්ථාවේදි නවීන අවිආයුධ අවශ්‍ය වි ඇතැයිද එම සංවිධානය පෙන්වා දෙයි. යුක්රේන මෙහෙයුම් සම්බන්ධයෙන් එරට ජනපති ව්ලෝදමිර් සෙලෙන්ස්කි නිකුත් කල නවතම වාර්තාවක දැක්වෙන්නේ මිකොලායිව් සහ ඔඩේසා යන ප්‍රදේශ රුසියානු හමුදාව අතට පත්වන්නට නොදි අනිවාර්යයෙන්ම එම ප්‍රදේශවල බලය යුක්රේනය යටතේ පවත්වා ගන්නා බවයි. මේ අතර රුසියානු හමුදාව යුක්රේනයේ කාර්කියුව් ප්‍රදේශයේ කම්හලකට ප්‍රහාරයක් එල්ල කර ඇතැයි වාර්තාවෙයි.