ඔස්ට්‍රේලියාව සමග තුන්වන එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගයත් ශ්‍රී ලංකාව ජය ගනී

Share Button

සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර කොළඹ ආර්.ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිඩාංගනයේ ඊයේ පැවති තුන්වන එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගය කඩුළු 06 කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. ඒ අනුව තරග 05 කින් සමන්විත එක්දින තරගාවලියේ දෙකට එකක් ලෙස ශ්‍රී ලංකාව ඉදිරියෙන් සිටි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ වසර 20 කට පසු ඔස්ට්‍රේලියාවට එරෙහිව මව්බිමේදී අඛණ්ඩව එක්දින තරග දෙකක් ජයගත් පලමු අවස්ථාව මෙයයි.

කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහරදීමට පිටියට පිවිසි ඔස්ට්‍රේලියානු කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ කඩුළු 06 ක් දැවී ලකුණු 291 ක් රැස් කළේය. ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 48 යි පන්දු 03 කදී කඩුළු 04 ක් දැවී ලකුණු 292 ක් රැස් කරමින් තරගයේ ජය වාර්තා කළේය.

ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංක තම එක්දින ක්‍රිකට් දිවියේ මංගල ශතකය ඊයේ වාර්තා කළේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.