ප්‍රංශ ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුවේ බහුතරය අහිමි වෙයි

Share Button

ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන් මහතාගේ නායකත්වයෙන් යුත් පාලක පක්ෂයට එරට පාර්ලිමේන්තුවේ බහුතරය අහිමි වෙයි. ඊයේ පැවති මැතිවරණයෙන් ඔහුගේ පක්ෂය ජය ගත්තද පැවති ආසන ගණනාවක් අහිමිවී තිබේ.

මැක්‍රෝන් මහතා ජනාධිපති ධුරයට නැවත තේරි පත්වී මාස දෙකකටත් අඩු කාලයක් තුළ පාර්ලිමේන්තුවේ බහුතරය අහිමිවීම විශේෂත්වයකි. ඔහුගේ රජයේ කැබිනට් ඇමතිවරුන් රැසකට සිය ආසන අහිමි විය.

අලුතින් පිහිටුවාගත් වාමාංෂික සන්ධානය දෙවන ස්ථානයට පත්ව සිටි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.