වී අලෙවි මණ්ඩලයෙන් සහල් මෙට්රික් ටොන් දසදහසක් වෙළෙඳපොළට
වී අලෙවි මණ්ඩලය සතුව පවතින වී තොග උපයෝගි කරගෙන මාසිකව සහල් මෙට්රික් ටොන් දසදහසක් වෙළෙඳපොලට නිකුත් කරන්නැයි ඇමති මහින්ද අමරවීර මහතා නිලධාරීන්ට උපදෙස් දෙයි. මණ්ඩලය සතුව පවතින සම්බා වී තොග උපයෝගි කර ගනිමින් පී එම් බී රයිස් නමින් කිලෝග්රෑම් 05 හා 10 සහල් මලු වෙළෙඳපොලට නිකුත් කරන්නැයි ද ඇමතිවරයා උපදෙස්දී තිබේ. වෙළෙඳපොළේ පවතින සහල් හිගයට පිළියමක් ලෙස හා මිල ඉහලයාම වැළැක්වීමට මෙම තීරණය ගනු ලැබීය.
වී අලෙවි මණ්ඩලය පසුගිය සතියේ සහල් මෙට්රික් ටොන් 1500 ක් වෙළෙඳපොෙළට නිකුත් කළේය. යල කන්නයේ වී අස්වනු නෙලීම ආරම්භවී ඇති බැවින් ගොවීන්ගෙන් වී මිලදී ගැනීම සඳහා ඇමති මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කිරීමට කෘෂිකර්ම ඇමතිවරයා අපේක්ෂා කරයි.